Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2020 14:54:46 Hours

මුලතිව් නිලධාරීන්ට ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ පිළිබඳ වැඩමුළුක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘විනිවිද දැකිම හා යථාවබෝධය’ යන මාතෘකාව යටතේ පැවැති මෙම වැඩමුළුව බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් බී.ජී.එස්. සමන්ති සහ මේජර් ටී.පී.ජී.කේ.පී අල්විස් විසින් මෙහෙයවනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. Sneakers Store | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite