15th June 2020 22:10:17 Hours
ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අධීප තිලකරත්න සිය ප්‍රථම නිල සංචාරය පසු 2 ගිය දිනක 1 වන ශ්‍රි ලංකා සංඥා බලකායේ සිදු කළ අතර, එහිදි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වා ගෞරවාචාරය පුද කළේය.
1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමට එතුමන්ට ආරාධනා කළේය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ ප්‍රධාන සංඥා නිලධාරී එම එකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් අමතනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.ජී.ජේ.ටී පෙරේරා ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ. affiliate link trace | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf