15th June 2020 20:43:03 Hours
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිම සඳහා ඊයේ (15) දින මෙරටට පැමිණි ඉරාන වැසියන් සඳහා සකස් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින්, උමා ඔය ව්‍යාපෘති ප්‍රධාන කාර්යාලය තුළ පිහිටා ඇත නේවාසික නිරෝධායන මධ්‍යස්ථානය වෙත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස සංචාරයක නිරත වූහ.
මධ්‍යම ආඥාපතිතුමන් එහි පහසුකම්, නිරෝධායන ක්‍රියාවලිය සහ වෙනත් පරිපාලනමය කරුණු පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව, ව්‍යාපෘතියේ නේවාසික කළමණාකරුවන්, ඉරාන උපදේශකයෙකු සහ ව්‍යාපෘති කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පැවැත් වූහ. දිවයිනට පැමිණි ඉරාන වැසියන් තාවකාලිකව මීගමුවේ රැඳී සිටිනුයේ ඔවුන්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරුවේ. Sports brands | THE SNEAKER BULLETIN