Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2020 21:00:06 Hours

ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති නව ධූරයේ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර මූලස්ථානයේ 25 වන ආඥාපති ලෙස පසුගිය දිනක රාජකාරී අරඹයි.

ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර මූලස්ථානයට සපැමිණි නව ආඥාපතිතුමන්ට ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී කඳවුරු සම්මාන ආචාර මුරයක් පිළිගන්වනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් වෙත 3 වන ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය. පසුව එම අවස්ථාව සනිටුහන් කරනු වස් මූලස්ථාන පරිශ්‍රය තුළ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව නව ආඥාපති බ්‍රිගේඩියර් අතුල ආරියරත්න ආගමික වතාවත් සහ ‘පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සං‍කේතාත්මක්ව නිල ලේඛනයට අත්සන් තබමින් නව කාර්යාලයේ රාකාරී ආරම්භ කළේය.

පසුව, ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර මූලස්ථානයේ සේවය කරනු ලබන සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් ඇමතු නව ආඥාපතිතුමන් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) හී ඉදිරි අනාගත සැලසුම් පිළිබද බටපිරිස් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා සියලුම මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Sport media | adidas Yeezy Boost 350