15th June 2020 21:43:03 Hours
රුධිර හිඟයක් පවතින බව අනුරාධපුරයේ ශික්ෂණ රෝහල සහ මන්නාරම මහ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ උපදෙස් පරිදි රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී. එම වැඩසටහන් වෛද්‍ය බලධාරීන් විසින් නියම කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ඉකුත් ඉරිදා (14) දින 54 වන සේනාංක මූලස්ථානයේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයේදී පවත්වන ලදී.
54 වන සේනාංකයේ පැවති රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් 124 දෙනෙකු ඔවුන්ගේ රුධිරය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඒ අනුව පරිත්‍යාග කරන ලද රුධිරය අනුරාධපුර සහ මන්නාරම යන රෝහල් දෙකට භාරදෙනු ලැබිය.
මන්නාරම මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සහ 54 වන සේනාංක මූලස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. Running Sneakers Store | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify