Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2020 15:14:03 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති 22 සහ 24 වන සේනාංකයන්හී සංචාරයක නිරතවෙමින් ආගමික පූජකයින් සමග සුහද සාකච්ඡාවක නිරතවෙයි

නව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ප්‍රථම සංචාරය ජුනි 08, 09 සහ 11 යන දිනයන්හී 22 වන සේනාංකය, 24 වන සේනාංකය සහ ඒ යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සිදු කළේය.

COVID -19 වසංගතය මැඩපැවැත්වීමේ ජාතික වගකීම ඉටු කිරීමේ කර්තව්‍යය ඉටුකරමින් සිටින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියළුම නිලධාරීන් සහ සෙසු නිලයන් අගය කළ අතර, අවශ්‍ය සියලු පියවර ගෙන ඇති භට පිරිස් සඳහා, අඛණ්ඩව යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද, සෑම විටම විවිධ වෘත්තීය අංශයන්හි පුහුණුවීමේ වැදගත්කම සහ ඉහළ මට්ටමක විනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ප්‍රදේශයේ රැඳී සිටි කාලය තුළ ආගමික ස්ථානවලට ගොස් වැඳුම් පිදුම් සිදු කරමින් අම්පාරා සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ත්‍රිකුණාමල අගරදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා හමුවිය. අනතුරුව එතුමන් උතුරු හා නැගෙනහිර පළාත්වල අධිකාරණ සංඝනායක සහ අම්පාර විද්‍යනන්ද පිරිවනේ ප්‍රධාන වත්මන් සංඝනායක පූජ්‍ය කිරිදිවෙල සෝමරත්න නායක හිමියන්, බුද්ධන්ගල රජ මහා විහාරස්ථානයේ සුසීම හිමියන් සහ පූජ්‍ය ආනන්ද හිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්හ. latest Nike Sneakers | jordan Release Dates