13th June 2020 07:04:10 Hours
56 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ. එන්. අමරසේකර එතුමන්ගේ ප්‍රථම නිල සංචාරය ජුනි මස 01, 02 සහ 04 යන දිනවල 561, 562, 563 යන බලසේනාවන්හී සහ ඒ යටතේ ඇති ඒකකයන්හී සිදු කළේය.
බලසේනාවන් හා ඒකකයන් වෙත සපැමිණි 56 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු සම්මාන ආචාර මුරයන් පිළිගැන් වූ අතර, එහිදි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි.
බලසේනාවන් සහ ඒකකයන්හී සිදු කල ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරනු වස් එතුමන් එම කඳවුරු තුළ රුක් රෝපන සිදු කළ අතර, අනතුරුව එම කදවුරු වල මෙහෙයුම් හා පරිපාලනමය කරුණු පිළිබඳව බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් සවිස්තරාත්මක විස්තර වාර්තාවක් ද එතුමන් වෙත ඉදිරිපත් කරන ලදී.
එතුමන්ගේ සංචාරය තුළ දී, සියළුම නිලධාරීන් සහ සෙසුනිලයන් ඇමතූ අතර, එහිදි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. Running Sneakers Store | Nike