15th June 2020 22:35:52 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ව ඉකුත් සෙනසුරාදා (13) දින මේජර් ජෙනරාල් සුජීව සෙනරත්යාපා සමග සුහ පිළිසදරක නිරත වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් සුබපැතුම් එක් කරමින් සංකේතාත්මකව නිල ලාංඡන එතුමන් වෙත පැළඳවනු ලැබීය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 ජුනි මස 2 වන දින සිට බලපැවැත්වෙන පරිදි 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ බ්‍රිගේඩියර් ඩී.ජී.එස් සෙනරත්යාපා මේජර් ජෙනරාල් නිලයට උසස් කළ අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී සමග බ්‍රිගේඩියර් සංජය වනසිංහ ද මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය.
ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කරනු ලැබු මේජර් ජෙනරාල් සුජීව සේනරත්යාපා පසුවකාළිනව විශේෂ බලකා රෙජිමේන්තුවට එක්ව විශේෂ බලකා පාඨමාලාව සම්පූර්ණ කර පුරෝගාමී රණශූරයෙකු බවට පත්වෙන ලදී. වර්ෂ 1992 දී අරාලි පොයින්ට් (Araly Point) හි දී සිය දිවි පිදූ දිවංගත කර්නල් වයි. එන්. පාලිපාන සහ අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ගජබා රෙජිමේන්තුවේ ආරම්භක පියා වන මේජර් ජෙනරාල් විජය විමලරත්න වැනි රණ ශූරයන් විසින් ඔහු තෝරා ගන්නා ලදී. වත්මන් යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එවකට ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.
ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව අවසන් වූ පසු මේජර් ජෙනරාල් සේනරත්යාපා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙස පත් කරන ලද අතර, පසුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද පත් කරන ලදී. වර්ථමානයේදීත් ඔහු එම ධූරයේ රාජකාරී කරනු ලබයි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උසස්වීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව ඔහුගේ නිල ලාංඡන පැළඳවනු ලැබීය. අනතුරුව අනෙකුත් නිලධාරීන්ට ඔහුගේ මෙම උසස්වීම සහ තමන්ව අනුගමනය කිරිම සඳහා ඉහළ මට්ටමේ ආදර්ශමත් නිලධාරියෙකු වීමේ වැදගත්කම පිළිබද ඔහුට මතක් කර දුන්නේය. සංවිධානයේ තරු දෙකේ ජෙනරාල් තනතුරකට උසස් කිරීම හා සම්බන්ධ වැදගත්කම සහ එවැනි උසස්වීම් අණ හා පරිපාලනය තුළ යහපත් වන්නේ කෙසේද, යන්නත් යුද්ධ හමුදාධිපති ඔහුට පැවසීය. “ඉහළ සදාචාරාත්මක පදනමක් සහිත ඔබගේ කැපවීම අඛණ්ඩව ගජබා රෙජිමේන්තුවට සහ විශේෂ බලකායට ලබාදෙමින් යුද්ධ හමුදා ධජය ඉහළට ඔසවා තබන ලෙස,” යුද්ධ හමුදාධිපති වැඩිදුරටත් එහිදි අවධාරණය කර සිටියේය. Adidas footwear | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth