Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2020 11:00:21 Hours

ජනාධිපති කාර්ය සාධක බලකාය සෞඛ්‍ය ආරක්‍ෂක උපදෙස් ලබාදීම සඳහා 58 වන සේනාංකයේ සංචාරයක නිතර විය

COVID-19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සහ අවශ්‍යතා සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින පුත්තලම පිිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරීකාවක නිරත විය.

එම අවස්ථාවට සපැමිණි පිරිස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී.අයි ප්‍රනාන්දු විසින් පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාවේ මාෂල් ඔෆ්ද එයා ෆෝස් සහ බටහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගූනතිලක ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිසට කඳවුර තුළ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැනුවත් කළහ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ජයනාත් පෙරේරා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේද පෙරේරා සහ තවත් ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු ද ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් විසින් සියලුම ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවයින පුරා පිහිටි යුද හමුදා ස්ථාන පරීක්ෂා කිරිමේ කටයුතුවල නිරව සිටී.

ක්ෂේත්‍ර සංචාරයෙන් පසුව, එම සාමාජිකයින් කඳවුරු භූමිය තුළ ප්‍රමිති තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබද එම කදවුරේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ද පැවැත් වූහ. ඉන් අනතුරුව ගුවන් හමුදාවේ මාෂල් ඔෆ්ද එයා ෆෝස් සහ බටහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගූණතිලක සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. url clone | Sneakers Nike