Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2020 12:04:48 Hours

යුද හමුදා ආපන ශාලාවේ නව පළතුරු බීම හල, දැන් සියලුම නිලයන් සඳහා විවෘතයි

පෝෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමේ සහ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරනු ලබන සියලුම නිලයන්ට නැවුම් පලතුරු යුෂ ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යෝජනාවක් මත යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන ආපනශාලාවේ වෙනම පළතුරු බීම හල ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින විවෘත කළේය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියගේ සංකල්පය වූයේ ආපන ශාලාව තුළ විවෘත කිරිමෙන් පසු මෙමගින් සාධාරණ මිලකට යුද්ධ හමුදා භටයින්ට ස්වාභාවික පෝෂණ පළතුරු බීම ලබාදීමයි.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අයි.පී. කන්දනආරච්චි, කර්නල් සම්බන්ධිකරණ නිලධාරී කර්නල් ටී.එස්.බාලසූරිය, කර්නල් පරිපාලන නිලධාරී කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. Running sports | Sneakers