Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2020 22:00:17 Hours

පුද්ගලික පරිත්‍යාගශීලීන් යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන සමාජ මෙහෙවර අගය කරමින් සංග්‍රාමික නිල ඇදුමට සමාන (Camouflage uniform material) වර්ණ මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කරයි

COVID-19 තර්ජනය හමුවේ අසමසම කැපවීමක් සිදු කරමින් සිටින යුද්ධ හමුදා භටයින්ගේ සේවය අගය කරමින් හයිඩ්‍රාමනි සමාගම් සමූහය (, Hirdaramani Group of companies) අද (12) දහවල් සංග්‍රාමික නිල ඇදුමට සමාන (Camouflage uniform material) වර්ගයේ මුහුණු ආවරණ 20,000 ක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලදී.

මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ මහතාගේ සම්බන්ධිකරණයෙන් එම සංග්‍රාමික නිල ඇදුමට සමාන (Camouflage uniform material) වර්ගයේ වර්ණ මුහුණු ආවරණ තොගය පරිත්‍යාග කරනු ලැබුවේ පුද්ගලික හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ මාගා සංවර්ධන විධායක අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතා විසිනි.

නවීන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් සමාගම් දූත පිරිසක් විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී COVID-19 පාලන කටයුතු සිදුකරන හමුදා භටයින් අතර බෙදා හැරීම සඳහා එම සංග්‍රාමික නිල ඇදුමට සමාන (Camouflage uniform material) වර්ණ මුහුණු ආවරණ තොගය පරිත්‍යාග කළහ.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමාගමේ නියෝජිත කණ්ඩායමට ස්තූතිවන්ත වෙමින් ඔවුන්ගේ මෙම පරිත්‍යාගය අගය කරමින් කෘතඥතාවය පළ කළේය. එහිදි සමාගමේ නියෝජිතයින් පෙන්වා දුන්නේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වය මෙන්ම භට පිරිස් විසින් කරන ලද විශිෂ්ඨ කාර්ය භාරය නිසා වෙනත් රටවල් දැඩි අරගලයක යෙදී සිටින විට මෙම මාරාන්තික වසංගතයෙන් අප රට වළක්වා ගැනීමට හැකි වූ බවයි.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම අවස්ථාව සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, නවීන් පෙරේරා මහතා, සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා - අධ්‍යක්ෂ හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ නිරන්ජන් බස්නායක මහතා, සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂ හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ චමින්ද්‍ර පෙරේරා දසනායක මහත්මිය - ප්‍රධාන මානව සම්පත් නිලධාරී හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ සහ ප්‍රධාන සමූහ ව්‍යාපාරයේ අලෙවිකරණ නිලධාරී හයිඩ්‍රාමනි තරුමල් විජේසිංහ මහතා සහභාගී වූහ. latest Running | Nike Off-White