Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 20:30:24 Hours

මෙතෙක් කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු වාර්ථා වී නොමැති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (12) දින දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (113)ක්, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථනයේ (25)ක්, සිට්රෙස් වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථනයෙන් (67)ක්, පිටිපන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයෙන් (61)ක් සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් (05) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 271 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්‍ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 13,127 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,603 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී. අද (12) දින සන්ධ්‍යාව වනවිට කොවිඩ් - 19 ආසාදිත බවට කිසිදු පුද්ගලයෙකු වාර්ථා වී නොමැති අතර, තවත් වීරෝදාර නාවික හමුදා සෙබළුන් 35 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, නාවික හමුදාවේ කොවිඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 874 දෙනෙකු වන අතර, ඉන් 682 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කිරිමෙන් පසු රෝහල්වලින් බැහැර වී තිබෙනවා. දැනට වීරෝධාර රණවිරුවන් 192 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. buy shoes | jordan Release Dates