12th June 2020 17:16:36 Hours
ඉදිරි නඩත්තු ප්‍රදේශයේ (උතුරු මැද) ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රන්ජන් ප්‍රේමලාල් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින මුලතිව් හි පිහිටි 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වූහ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංචාරය අතරතුර, නවතමයෙන් ඉදිකරන ලද ‘කායවර්ධන මධ්‍යස්ථානය’ විවෘත කර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා පවරනු ලැබීය. ඉන් අනතුරුව ‘වදුල’ එළිමහන් ශ්‍රවනාගාරයේදී සියළුම නිලයින් අමතනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරී 6 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජේ. එස්. ජයතිලක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී විය. Nike Sneakers Store | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth