12th June 2020 12:16:36 Hours
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උද්ගතව ඇති ඩෙංගු මදුරු තර්ජනය හේතුවෙන් ඊට විකල්පයක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 112 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඩෙංගු පැතිරීම පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (9) දින බදුල්ල, කුන්ඩසාලේ, උඩවේල ග්‍රාම නිලදාරි කොට්ඨාශයේ සහ රාජවෙල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන ස්ථානයන් තුළ දියත් කරනු ලැබීය.
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබු අතර, ඩෙංගු මර්ධනය කිරිම පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා එම ප්‍රදේශවල සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
112 වන බලසේනාවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භට පිරිස් අදාළ ප්‍රදේශවල වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව දායක වූහ. Sports News | Footwear