08th June 2020 15:20:24 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන සියලුම නිලධාරීන්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළුවක් ජුනි මස 9 සහ10 යන දෙදින තුළ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒකාබද්ධව ‘ආතති කළමනාකරණය’ යන මාතෘකාව යටතේ දින දෙකක දීර්ඝ වැඩමුළුවක් පවත්වන ලදී. එම දේශනය කර්නල් ආර්.එම්.එම් මොණරාගල සහ ලුතිනන් කර්නල් බී. ජී. එස්. සමන්ති විසින් මෙහෙයවනු ලැබු අතර, වැඩමුළුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූ අතර, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය එම අවස්ථාව සාර්ථකව සිදු කිරිම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලදී. bridgemedia | Men's Footwear