Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2020 17:17:10 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා කදවුරු වෙත පරිසර හිතකාමී පැළ 3000 ක් බෙදා දෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ “තුරු මිතුරු - නව රටක්” වන වගාව හා ව්‍යාපෘතියට සමගාමීව පැල බෙදා දීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. එහිදී පරිසර හිතකාමී පැළ 3000 ක් පමණ ශ්‍රී ලංකා හමුදා ස්වේච්ඡා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා හමුදා සේවා බලකාය, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, 14 වන සේනාංකය, 61 වන සේනාංකය සහ ශ්‍රී ලංකා රයිෆල් බළකාය අතර, බෙදාදෙනු ලැබීය. එම පැල තොගය බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්. ජේ. සෙනෙවිරත්නගේ උපදෙස් පරිදි සිට වනු ලැබීය.

එම දුර්ලභ ඖෂධ පැලැටි අතර, පොල්, කරඳ, මී, සියඹලා, කොහොඹ, මාදන්, කුබුක්, තෙලඹු හා කයා සහ තවත් ප්‍රභේද කිහිපයක් ද ඇතුලත්වේ. මෙම බෙදා හැරිමේ අවස්ථාව සඳහා ආසේමු බටහිර යටතේ ඇති යුද්ධ හමුදා ස්ථානවලින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් සහභාගී විය. jordan release date | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ