Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2020 15:13:56 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය ආගමික වතාවන්ට මුල් තැන දෙමින් පවත්වයි

නන්තිකාඩල් පිහිටි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් ඉකුත් (5) පොසොන් පොහොය දින ආගමික වතාවත්වල නිරත වෙමින් මාතෘ භූමීයට, යුද්ධ හමුදාධිපතිතුමන්ට, වීරෝධාර රණවිරුවන්ට හා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන රණවිරුවන්ට ආශීර්වාද එක් කරන ලදී. එසේම, දිවි පිදු රණවිරුවන්ට ද පි පෙත් අනුමෝදන් කරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ ආරාධනයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 17 නමක් එම පිංකමට වැඩම කරනු ලැබීය. එහිදි සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ආරම්භ කිරිම සඳහා ආඥාපතිතුමන් නායක හිමියන් වෙත දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කලහ.

රාත්‍රිය පහන්වන තුරු පිරිත් සජ්ඣායනා කිරිමෙන් පසු පසුදා උදෑසන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් භික්ෂූන් වහන්සේලා උදෙසා 'හීල් දානය' පිරිනමන ලදී. සංවත්සර උත්සව වැඩසටහන ඉකුත් සෙනසුරාදා (6) දින පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු නිමාවට පත්විය. Nike sneakers | Sneakers