Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2020 15:15:57 Hours

නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය පොසොන් උත්සවය සමරයි

පොසොන් පුර පසොලොස්වක පොහෝදින වැදගත්කම සනිටුහන් කරමින් ශතවර්ෂ ගණනාවකට පෙර අරහත් මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම (මහින්දාගමය) පිළිඹිබු කරන අනුරුවක් පසුගියදා බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කරනු ලැබීය.

‘සෞඛ්‍යය යනු ශ්‍රේෂ්ඨතම ධනය’ යන තේමාව යටතේ රාජ්‍ය පොසොන් අනුස්මරණයට සමගාමීව, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ මෙම උත්සවය සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන්ට සහ සමාජ දුරස්ථභාවය කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සමරනු ලැබීය.

දවසේ කටයුතු අවසානයේ කඳවුරු පරිශ්‍රයේ පිහිටි විහාරස්ථානය වෙත භික්‍ෂුන් වහන්සේ නමක් වැඩම කර ධර්ම දේශනාවක් පවත්වන ලදී. මෙම පොසොන් උත්සවය නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ උපදෙස් මත පැවැත්විණි. Authentic Sneakers | Men's Footwear