Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2020 15:10:56 Hours

65 වන සේනාංක මුලස්ථානය සහ මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ‘පොසොන්’ උත්සවය සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් ඉකුත් සිකුරාදා (05) දින පොසොන් උත්සවය සමරනු ලැබීය.

සේනාංක මුලස්ථානයේ ප්‍රධාන දොරටු අභියස මිහිදු මහ රහතන් වහන්සේගේ මහින්දාගමනයේ (මිස්සක පච්ච) අනුරුවක් සහ වර්ණවත් පහන්කූඩු කිහිපයක් ආලෝකමත් කිරීමෙන් අනතුරුව ජනප්‍රිය බෞද්ධ චිත්‍රපටයක් වන ‘පත්තිනි’ චිත්‍රපටය සන්ධ්‍යාවේ ප්‍රදර්ශනය කළහ.

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව මෙය සංවිධානය කරන ලදී.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස- මුලතිව් මූලස්ථාන පරිශ්‍රයේ අලංකාරවත් පහන් කූඩු සමගින් පොසොන් කලාපයක් ඉදිකර ප්‍රදර්ශනය කරන ලදී. මෙම පොසොන් කලාපය මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ සුරතින් විවෘත කරනු ලැබීණි. Running Sneakers Store | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret