Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2020 14:28:51 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු මුලස්ථානයේ සංචාරයක නිරත විය.

සිය බලප්‍රදේශයේ සංචාරය කළ ආඥාපතිතුමන් භටපිරිස් ඇමතූ අතර එම මුලස්ථානයන්හි සිදුකළ සංචාර සංකේතවත් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල ද සමරු සටහන් තැබීය.

එමෙන්ම, මේජර් ජෙනරාල් කීර්ති කොස්තා සිය බලප්‍රදේශයේ සිදු කළ සංචාරය අතරතුරදි කතරගම කිරිවෙහෙර, කතරගම දේවාලය සහ වැඩසිටිකන්ද විහාරස්ථානය වැඳපුදාගත්හ.

මෙම සංචාරය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න, 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලංකා අමරපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ. Best Nike Sneakers | Men Nike Footwear