08th June 2020 15:00:56 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ජුනි මස 4 සිට 7 දක්වා දිනයන්හී 23 වන සේනාංක මූලස්ථානය, 231 බලසේනා මූලස්ථානය, 232 බලසේනා මූලස්ථානය සහ 233 බලසේනා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත විය.
23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණී නව ආඥාපතිතුමන්, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මෙහෙයුම්, අණ හා පාලන සහ පරිපාලන වගකීම් පිළිබඳව නව ආඥාපතිතුමන් දැනුවත් කළේය. මෙම අවස්ථාව සඳහා සියළුම බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් සහභාගී වූහ.
මෙහිදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගත් හිටපු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ කාර්යභාරය අගය කළේය. මීට අමතරව, මෙම ජාතික වගකීම භාරගැනීමේදී එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ කැපවීම සහ මිල කළ නොහැකි සේවය නව ආඥාපතිතුමන් මෙහිදී ඇගයීමට ලක් කළේය.
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සෞඛ්‍යය හා සනීපාරක්‍ෂක අවශ්‍යතාවයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් “නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්” යන ආදර්ශ පාඨයට අනුගතවෙමින් දැඩි සෞඛ්‍ය උපදෙස් හා භෞතික ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස සියලුදෙනාට උපදෙස් ලබාදෙනු ලැබීය. තවද, යුද්ධ හමුදා සාමාජිකයින් නිවාඩු ලබා සිටින කාලය තුළ දී ඔවුන් විසින් සිදුකරනු ලබන කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යන්, එම වෛරසය පැතිරීම වැළැක්වීමේ පූර්වාරක්‍ෂක කටයුතු ගම්වාසින්, ඥාතීන් සහ ආදරණීයන් සමඟ ගතකරන කාලය තුලදී ඔවුන්ට සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් වියහැකි බව ද එතුමන් අවධාරණය කරනු ලැබීය. එමෙන්ම, සියළුම අණදෙන නිලධාරින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු නඟාසිටුවිය යුතු බව පැවසු එතුමන් ඉදිරි කාලයේදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඕනෑම කටයුත්තක ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
තවද, එතුමන්ගේ දේශනයේදී යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කරමින් ප්‍රදේශයේ බහු වාර්ගික ප්‍රජාවන්ගේ හදවත් හා සිත් දිනා ගැනීමේ වගකීම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය. එමෙන්ම, නැගෙනහිර පළාතේ ආරක්‍ෂාව මෙන්ම රට තුළ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් ඉටු කරන ලද කාර්යයන් පිළිබඳව ද එතුමන් අගය කළේය. තවද, වෘත්තීය අංශවල පුහුණුවීම්වල වැදගත්කම සහ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ විනය ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම පිළිබඳව ද නැගෙනහිර ආඥාපතිතුමන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට අමතරව, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි තොප්පිගල ඓතිහාසික උද්‍යානය, මඩකලපුව ප්‍රදේශයේ පිහිටි 231 වන බලසේනා මූලස්ථානය, තාරවිකුලම් ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනා මූලස්ථානය සහ වාකරෙයි ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනා මූලස්ථානය යන ස්ථානවල එතුමන් සංචාරය කළ අතර, එහිදීද භටපිරිස් අමතනු ලැබීය. latest jordans | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov