06th June 2020 11:02:16 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර ඉකුත් බදාදා (03) දින මන්නාරම ශ්‍රී විජය තිලකරාම බෞද්ධ විහාරස්ථානයේ සිදුකළ සංචාරයක් අතරතුරදී ආර්ථික අපහසුතා ඇති පවුල් රැසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදීමේ කටයුත්තක් සඳහා සහභාගී විය.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් ප්‍රජා ව්‍යාපෘතිය ආරම්භයේදී විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විලච්චියේ විමලරතන හිමියන් වෙත වියළි ආහාර සලාක පාර්සලයක් පූජා කළ අතර මන්නාරම, කොන්ඩච්චි ගම්මානයේ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදෙනු ලැබිණි.
මෙම අවස්ථාවට 542 වන බලසේනාවේ බලසේනාධිපති, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Nike Sneakers | Trending