06th June 2020 11:10:56 Hours
යාපනයේ පූජනීය ශ්‍රී නාගදීප විහාරස්ථානයේ පිහිටි ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් ආලේපිත වැට පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා දින නිරාවරණය කරනු ලැබිණි.
අභිනවයෙන් ඉදිකළ මෙම රන්වැට නිරාවරණය කිරීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර එම අවස්ථාවට යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්වූහ.
මෙම රන් ආලේපිත වැට ඉදිකිරීම සඳහා 511 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රෝහිත රත්නායක ගේ සම්බන්ධිකරණයෙන් හැටන් ජාතික බැංකුවේ නීති අධ්‍යක්ෂිකා තුෂාරි මහත්මිය ඇතුළු තවත් කිහිපදෙනෙකු විසින් මූල්‍ය අනුග්‍රහකත්වය ලබාදුන්හ.
මෙම උත්සවය අතරතුරදී, ශ්‍රී නාගදීප විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සියල්ලන්ටම ආශිර්වාද කරනු ලැබිණි.
අභිනවයෙන් ඉදිකල රන් වැට නිරාවරණය කිරීමේ ආගමික උත්සවයට 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 511 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sports brands | UOMO, SCARPE