Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2020 18:00:41 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානය අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සලාක පාර්සල් තොගයක් බෙදාදෙයි

මාතලේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විශේෂ බලකා සේවා වනිතා ඒකකය සමඟ එක්ව එල්කාඩුව වතුයායේ 29 වන කොටසේ ජිවත්වන අසරණ පවුල් 23 ක් අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, වියළි සලාක සහ එළවළු ඇතුළු පාර්සල් තොගයක් බෙදාදීමට පියවර ගත්හ.

මෙම යෝජිත ප්‍රජා ව්‍යාපෘතිය පිළිබඳව දැනුම්දිමෙන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ මුලිකත්වයෙන් විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානය වෙත මෙලෙස බෙදාදීම සඳහා අවශ්‍ය වියළි ආහාර සලාක තොගයක් ලබාදී ඇත.

පවුලකට සතියක කාලයක් සඳහා ප්‍රමාණවත් වන මෙම වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. spy offers | Air Jordan