03rd June 2020 17:00:41 Hours
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් එම රාජකාරි කටයුතු සඳහා ඉතා වෙහෙසෙන තම දුදරුවන්, නෑ මිතුරන් වෙතින් ඈත්ව ඉතා දැඩි කැපකිරිම් කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉකුත් බදාදා (03) දින කහගොල්ල කඳවුරේදී ඉතා වැදගත් වැඩසටහනක් පැවැත්වූහ.
‘ධනාත්මක චින්තනය තුළින් මෙම වෛරසයෙන් අපව ආරක්‍ෂා කරගනිමු’ යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහන ලුතිනන් කර්නල් සමන්ති බණ්ඩාර විසින් මෙහෙයවන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලැබු මෙම වැඩසටහනට අවශ්‍ය පහසුකම් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය වූ අතර මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. Nike air jordan Sneakers | Sneakers