Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2020 17:56:13 Hours

භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ කරණවෑමීහල සහ මැහුම්හල විවෘත කරයි

කොස්ගම- සාලාව පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද කරණවෑමීහල සහ මැහුම්හල ඉකුත් බදාදා (03) දින එම මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයි.ඕ.ඩබ්ලිව්. මාදොල විසින් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ සේනාවිධායකතුමන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කර නව කරණවෑමීහල සහ මැහුම්හල චාම් උත්සවයකින් විවෘත කරන ලදී.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනු ලැබීය.

මෙම උත්සවයට භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ. Best Nike Sneakers | Sneakers