Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2020 21:50:41 Hours

‘පොසොන්’ උත්සවයට සමගාමීව වියළි සළාක මලු 500 ක් බෙදාදීමේ වැඩසටහනකට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති එක්වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය සහ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය එක්ව ‘පොසොන්’ උත්සවයට සමගාමීව බදාදා (03) දින ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් 500 ක් බෙදාදෙන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රතිලාභින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තෝරාගන්නා ලදී. ග්‍රාම නිලධාරී කොට්ඨාස 11 ක් ආවරණය වන පරිදි තෝරාගත් පවුල් අතර මෙම වියළි සලාක පාර්සල් තොගය බෙදාදීම පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන භූමියේදී සිදු කරන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය, යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය සහ පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත සියලුම රෙජිමේන්තුව විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෙම වියළි සලාක බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති සහ යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගි විය. Sportswear Design | adidas Yeezy Boost 700 , Ietp