Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2020 17:59:54 Hours

යාපනයේ භටපිරිස් චන්කනායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට තවත් නව නිවසක් ඉදිකරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ චන්කනායි ප්‍රදේශයේ පදිංචිව තම දරුවන් සමඟ දරිද්‍රතාවයෙන් දිවිගෙවන කාන්තාවක් වන ජෙගදීශ්වරී අම්පිකාවතී මහත්මිය වෙත නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ ලද අනුග්‍රහයෙන් අනතුරුව 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මෙම නව නිවස ඉදිකරන ලදී.

යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් මහතා සහ මෙම ව්‍යාපෘතියේ පූරෝගාමීයා වන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හින්දු සම්ප්‍රදායානුකූලව ඉකුත් සඳුදා (01) දින උදෑසන පැවැති උත්සවයකදී අභිනවයෙන් ඉදිකළ නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදෙනු ලැබීය.

මෙම උත්සවය සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), චන්කනායි ප්‍රාදේශීය ලේකම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ විය. නිවාසලාභියාට නිවසේ යතුර ප්‍රදානය කල අවස්ථාවේදී ඊට අදාළ ඉඩමේ හිමිකම ද ලබාදී තිබුණි. Asics footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE