Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2020 14:25:00 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක රෙජිමේන්තු මූලස්ථානයේදි සිය රාජකාරී කටයුතු අරඹයි

කොළඹ 15 පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න ඉකුත් සඳුදා (01) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න 12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සැපමිණි නව කර්නල් සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එස්. දේවප්‍රිය සහ 1 වන ශ්‍රී ලංක සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී විසින් ප්‍රධාන දොරටුව අභියසදී ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සිය කාර්යාලයේ පැවැති ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කවුන්සිලයේ සාමාජිකයින් සහ අණදෙන නිලධාරීන් ඉදිරියේ සිය රාජකාරී භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ නව කර්නල් සේනාවිධායකතුමන් සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘සඳුන්’ පැළයක් ද රෝපණය කළේය.

පසුව, නිලධාරීන් ඇමතූ එතුමන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිවෘද්ධිය උදෙසා නිලධාරීන් අතර සහජිවනය පවත්වාගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. best Running shoes | Womens Shoes Footwear & Shoes Online