Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2020 15:00:00 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

කුණ්ඩසාලේ, පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ඉකුත් සඳුදා (01) දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

මීට ප්‍රථම මෙම සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාවට 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best jordan Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers