01st June 2020 12:25:00 Hours
තෙල්දෙණිය රෝහලේ පවතින හදිසි අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 111 බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එම රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කළ අතර එහිදී එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සඳහා විශේෂ හුදකලා වට්ටු වශයෙන් සකස් කරන ලදී.
කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතිය මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.
රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි භටපිරිස් දින කිහිපයක් ඇතුළත ගොඩනැගිල්ලේ වාට්ටු දෙකක් ඉදිකිරීම් කටයුතු සම්පුර්ණයෙන් අවසන් කර වෙන් කළහ. 111 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (31) දින පැවති චාම් උත්සවයකදී රෝහල් බලධාරීන් වෙත ඉදිකිරීම් කටයුතු අවසන් කළ වාට්ටු දෙක නිල වශයෙන් භාරදෙන ලදී. latest jordan Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp