31st May 2020 19:08:26 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු යුද්ධ හමුදා මුලස්ථානයේ නව තනතුරේ රාජකාරී කටයුතු භාරගැනීම සඳහා ඉකුත් ඉරිදා (31) දින සිය ධුරයෙන් නික්ම යනු ලැබීනි.
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම, මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මැයි මස 28 සිට 30 දින දක්වා සිය බලප්‍රදේශයේ ස්ථාපිත සේනාංක සහ ඉදිරිනඩත්තු පෙදෙස මුලස්ථානයේ සංචාරයක ද නිරත විය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ප්‍රථමයෙන්ම බ්‍රහස්පතින්දා (28) දින 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එහි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් හමුවිය. ඉන් අනතුරුව, එතුමන් සෙනසුරාදා (30) දින ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) සහ 24 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවිය. ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මුලස්ථානය සහ 24 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිතුමන් සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදී, එතුමන් භටපිරිස් ඇමතූ අතර සිය ධුර කාලය තුළ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ඉටු කරන ලද සේවාවන් අගය කළ එතුමන් අනාගතයේදී ද ඔවුන්ගේ සේවාවන් වඩාත් ඵලදායී ලෙස ලබාදෙන මෙන් ඉල්ලීමක් ද කළේය.
ඉකුත් ඉරිදා (31) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි නික්ම යන ආඥාපතිතුමන් හට කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම පිළිබඳ නිසි සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේද පිළිපදිමින් 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමිනි.
මෙහිදී, සමුගැනීමේ දේශනය සිදුකළ නික්මයන ආඥාපතිතුමන් සිය ධුර කාලය තුළ තමාට ලබාදුන් සහයෝගය පිළිබඳව සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට සිය කෘතඥතාවය පුද කළේය. සම්ප්‍රදායානුකූලව නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා සහ එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලනය හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ විසින් නික්මයන ආඥාපතිතුමන් වෙත කළ සේවය අගය කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
නැඟෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරි කළ සිය ධූරයෙන් නික්මයන එතුමන් එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ විශේෂ අමුත්තාන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් එක් කරනු ලැබීය. Buy Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp