Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2020 20:26:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

සීතාවක, කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ 42 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා අද (01) දින හමුදා සම්ප්‍රදායානුකූලව එම මූලස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරී භාරගනු ලැබීය.

දිනයේ උත්සවය කටයුතු චාරිත්‍රනුකූලව ආරම්භ කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් හට ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිනි. ඉන් අනතුරුව නව සේනාවිධායකතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.පී. නුගේගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත් නව සේනාවිධායකතුමන් රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීනි.

ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් එක්විය. මෙම තේපැන් සංග්‍රහය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් හා සියලුම ආයතනවල ප්‍රධානීන් මෙන්ම එම මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ නිලධාරීන් සහ සෙසුනිලයින් නව සේනාවිධායකතුමන්ට සිය සුභාශිංසනයන් ද එක් කළහ. Sports brands | Entrainement Nike