Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2020 20:27:28 Hours

භටපිරිස් වට්ටප්පලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල් පරිශ්‍රයේ රුක් රෝපණ ව්‍යාපෘතියක් දියත් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මූලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වට්ටප්පලෙයි ප්‍රදේශයේ ස්ථාපිත 59 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් සඳුදා (25) දින වට්ටප්පලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල් පරිශ්‍රයේ සහ ඒ අවට රුක් රෝපණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම පූජනීය සිද්ධස්ථානය අවට ප්‍රදේශයේ ස්ථානය අඩි 7 කට වඩා උසින් වැඩි කොහොඹ පැළ 26 ක් රෝපණය කරනු ලැබීය.

ප්‍රදේශයේ වනාන්තර ආවරණ වැඩි කිරීමේ අරමුණින් මුලිතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම අවස්ථාවට කන්නගි අම්මාන් කෝවිලේ පූජකතුමන්, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ඇවලෝන් හෝටල් සහ ස්පා (Avalon Hotel and Spa) අධ්‍යක්‍ෂ, කෝවිල් කමිටුවේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sport media | Nike Air Max