Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2020 07:00:31 Hours

කඳවුරු තුළ වෙසෙන භටපිරිස් මානසිකව දිරිගැන්විමේ වැඩමුළුවක්

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දීර්ඝකාලීනව නිවාඩු නොමැතිව කඳවුරුවල රැඳි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පියවර ගන්නා ලදී.

ඒ අනුව, ජනප්‍රිය යෝගා උපදේශක ආචාර්ය අනෝජා වීරසිංහ මහත්මීය විසින් මැයි මස 27 සහ 28 දිනයන්හි පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී පුහුණු සැසියක් සහ උපදේශන දේශන මාලාවක් පවත්වනු ලැබීය.

දෙදිනක් පුරා පැවැති මෙම යෝගා වැඩසටහනට සෙසුනිලයින් සිය ගණනක් සහභාගි වූ අතර එමගින් ඔවුන්ට ඒකාකාරි ජීවන රටාවෙන් බැහැරවීම සඳහා මනා පිටුවහලක් විය. Sport media | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival