Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2020 08:30:31 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නවාතැන් සංකීර්ණය විවෘත කරයි

රොක්හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිවිල් කාර්යමණ්ඩල සමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නවාතැන් සංකීර්ණය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එස් දේවප්‍රිය ගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සුරතින් අද (28) දින උදෑසන විවෘත කරනු ලැබීය.

රොක්හවුස් යුද්ධ හමුදා කඳවුර තුළ සිටින සිවිල් කාර්යමණ්ඩලයට දිගුකාලීනව පැවැති අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ මෙම දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සහ 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ සිවිල් සේවකයින් 56 දෙනෙකු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයයි.

සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක්දෙමින් පැවති මෙම උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකරනු ලැබු ගොඩනැගිලි සංකිර්ණය විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. Buy Sneakers | Nike, adidas, Converse & More