27th May 2020 08:00:31 Hours
මොණරාගල, කුඹුක්කන පිහිටි 121 වන බලසේනා මූලස්ථානයේ 4 වන බලසේනාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් උදය සේරසිංහ ඉකුත් අඟහරුවාදා (26) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය.
නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනා මුලස්ථාන පරිශ්රයේ අඹ පැළයක් රෝපණය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Adidas shoes | Sneakers