28th May 2020 22:17:15 Hours
ලංකා වාණිජ මණ්ඩලයේ මාසික සැසිවාරයට ආරාධිත කථීකයෙකු ලෙස එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (28) දින උදෑසන විඩියෝ තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවී ඔවුන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වනු ලැබීය.
‘ශ්‍රී ලංකාව කොවිඩ්-19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීම සහ රටේ ඉදිරි ගමන්මග’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය තේමාව විය. එම තේමාව යටතේ ලංකා වාණිජ මණ්ඩලයේ මාසික සැසිවාරය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය පැතිරයාමට එරෙහි කර්තව්‍යයට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දක්වන ලද අඛණ්ඩ දායකත්වය අගය කරමින් ලංකා වාණිජ මණ්ඩලය මෙම සැසිවාරයේ ආරාධිත කථිකයෙකු ලෙස එක්වන මෙන් එතුමන්ට ආරාධනා කරන ලදී. මෙම සැසිවාරයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි විසින් සිදු කළ දේශනයෙන් අනතුරුව විඩියෝ තාක්‍ෂණය ඔස්සේ සිදුකළ සජිවි ප්‍රශ්නෝත්තර සැසිවාරය සහභාගි වූවන් උද්යෝගයට පත් කළහ.
“ප්‍රශ්නෝත්තර සැසිය මගින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් ඉදිරිපත් කරන ලද දූරදර්ශී තොරතුරු දැනගැනීම සඳහා සාමාජිකයින්ගේ ඉහළ උනන්දුවක් පෙන්නුම් කරයි.” යනුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරි මංජුල ද සිල්වා මහතා විසින් හමුදා ලේකම් කාර්යාලයට එවන ලද ලිපියක සඳහන් විය.
විඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැති මෙම සංවාදයේ විඩියෝව පහතින් දැක්වේ: affiliate link trace | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos