26th May 2020 14:15:13 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ඉකුත් අඟහරුවාදා (26) දින සිය බලප්‍රදේශයේ ස්ථාපිත රාජ්‍ය ආයතනයන්හි සංචාරය කළ අතර වන්නි ප්‍රදේශයේ වැඩවාසී භික්‍ෂුන් වහන්සේලා සහ පූජ්‍ය පක්‍ෂය බැහැදැක වැඳපුදා ගනිමින් උන්වහන්සේලාගේ ආශිර්වාදයන් ද ලබාගත්තේය.
ඉන් අනතුරුව, වවුනියාව, මඩුකන්ද ඇටඹගස්කඩ විහාරයට සහ තිරප්පන්මඩු විහාරය වැඳපුදාගත් එතුමන් විහාරාධිපතිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. භික්‍ෂුන් වහන්සේලා සෙත් පිරිත් සඡ්ඣායනා කරමින් නව ආඥාපතිතුමන් සිය ධුරයේ රාජකාරී භාරගැනීම වෙනුවෙන් ආශිර්වාද කරනු ලැබූහ.
මෙම සංචාරයන් සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ. Sportswear Design | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos