26th May 2020 20:10:31 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය අගහිඟකම් ඇති පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් අඟහරුවාදා (26) දින තන්තිරිමලේ තුප්පිටියාව ප්‍රදේශයේ පදිංචි එස්.පී. ලයනල් සෙනෙවිරත්න මහතාට නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල ස්ථාපනය කරනු ලැබීය.
සිව්දරු පියෙකු වන ලයනල් සෙනෙවිරත්න මහතා නිවසක් නොමැතිවීම හේතුවෙන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දී සිටී අතර මේ සබැදිව 212 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කරන ලද සම්බන්ධිකරණයෙන් මෙලෙස නිවසක් ඉදිකිරම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියෙකු වන මාලින් රාජපක්ෂ මහතා සද්භාවයෙන් යුතුව ඉදිරිපත් වී තිබිණි.
මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ උපදෙස් මත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා 212 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී, නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වූහ. Best jordan Sneakers | nike fashion