Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2020 09:00:31 Hours

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්වේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් අඟහරුවාදා (26) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා එතුමන්ගේ අනාගත අභිලාෂයන් සම්බන්ධයෙන් සිය සුභාශිංෂනයන් පිරිනමනු ලැබීය.

විශ්‍රාමයාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් ධර්මසිරි සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවැති මෙම සුහද හමුවේදී වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සුහද පිළිසඳරක නියැළෙමින් අතීත මතකයන් ද ආවර්ජනය කළේය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කළ මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රාශියක් ද හොබවනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ අගය කිරීම පිළිබඳ සිය ස්තූතිය පුද කළේය. මෙම සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ඇගයුමට ලක් කරමින් එතුමන් වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Running Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet