28th May 2020 21:47:47 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 මැයි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබූ අතර මෙලෙස බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් අයි.එච්.එම්.එන්. නිශාන්ත හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ මේජර් ජෙනරාල් ටී.ඩි. වීරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල අද (27) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, උසස්වීම් ලැබූ නිලධාරීන් දෙපලට උණුසුම් සුබපැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව ඔවුන්ගේ නිල ලාංඡන පැළඳවනු ලැබීය.
මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් අයි.එච්.එම්.එන්. නිශාන්ත හේරත් වර්ෂ 1990 දී කුරිරු යුද්ධයෙන් රට බේරාගැනීම සඳහා සටන් කරමින් සිටියදී බරපතල තුවාල ලැබු යුද්ධ හමුදාවේ වඩාත් කැපවූ නිර්භිත නිලධාරියෙකි. එතුමන්ගේ ආබාධිත තත්ත්වය කුමක් වුවත්, වන්නි මානුෂීය මෙහෙයුම්වලදී 5 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි බටහිර සිට සම්බන්ධවන මෙහෙයුම් සඳහා අවශ්‍ය සැපයුම් මාර්ග සකස්කරදුන් අතරම, සිය හමුදා භටයින් දිරිමත් කරමින් 58 වන සේනාංකය ද සමඟ එක්ව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් සකසන ලද බාධක වලට මුහුණදෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සවියක් විය.
වර්ෂ 2006 දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල කළ සමයේ සමස්ත කොළඹ ආරක්‍ෂක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී -1 ලෙස සේවය කර ඇති එතුමන් 621 පාබල සේනාංකයේ සේනාංකාධිපති (අවුරුදු 2 ට වැඩි කාලයක්), ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු තවත් උසස් තනතුරු රැසක් හොබවා ඇත. යුද්ධයෙන් තුවාල ලැබු නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලාව හදාරා ඉන් සමත්වූ එතුමන් ඉංජිනේරු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස ද කටයුතු කළේය. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විධායක නිලධාරී තනතුර සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්‍ෂ කාර්ය මණ්ඩල සාමාජිකත්වය හෙබවූ එතුමන් දියකාවා බහු ජාතික යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සහ ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ද රාජකාරී කළේය. කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපධිය සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධියෙන් පිදුම් ලබා ඇති එතුමන් යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පුහුණු) ලෙස (2018.04.09 වන දින සිට 2019.11.12 වන දින දක්වා) සේවය කිරීමෙන් පසුව 2019 නොවැම්බර් මස 13 දින සිට යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රාජකාරි භාරගන්නා ලදී.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ටී.ඩී. වීරකෝන් වර්ෂ 1986 ජුනි මස 2 වන දින යුද්ධ හමුදාවට බැඳුණු අතර වර්ෂ 1987 ජනවාරි මාසයේදී අධිකාරියට පත්විය. එතුමන් වර්ෂ 2005 සිට 2006 දක්වා බුරුන්ඩි (Burundi) හි එක්සත් ජාතින්ගේ දුත මණ්ඩලයේ හමුදා නිරීක්‍ෂක ලෙස ද සේවය කර ඇත. වර්ෂ 2007 සිට 2009 දක්වා කාලය 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලෙසත් වර්ෂ 2009 සිට 2011 දක්වා 233 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසද කටයුතු කර ඇත. වර්ෂ 2012.04.27 දින සිට 2012.05.04 වන දින දක්වා පැවැති ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ 20 වන දකුණු ආසියා අධ්‍යයන සැසිවාරය සඳහා ද වර්ෂ 2013.03.23 වන දින සිට 2013.06.10 වන දින දක්වා එතුමන් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව හැදෑරු අතර වර්ෂ 2014 සිට 2016 දක්වා 622 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස සේවය කොට ඇත.
වර්ෂ 2018 සිට 2019 දක්වා එතුමන් බීජිංහි (Beijing) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ද කටයුතු කළේය. වර්ෂ 2018 සිට 2019 දක්වා 523 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කළ එතුමන් වර්ෂ 2019 සිට 2020 දක්වා මුලිතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුර හෙබවු අතර එතුමන් වර්ෂ 2020 මුල් භාගයේදී වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ ලෙස පත්විය.
එතුමගේ නිර්භීතකම හා ධෛර්යයවන්ත කැපවූ සේවයේ සහ විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනිම අගය කරනු වස් ශ්‍රී ලංකා ජනරජය විසින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී), රණ ශූර පදක්කම (ආර්එස්පී) සහ උත්තම සේවා පදක්කම (යූඑස්පී) පිරිනමා ඇත. Sports Shoes | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf