Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 14:30:13 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය මතකයන් එක්කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ඒකකයන්හි සංචාරයක

ශ්‍රී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (25) දින ත්‍රිකුණාමලයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අණදෙන නිලධාරී නිවස්නය විවෘත කළ එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

කර්නල් සේනාවිධායකතුමන් සිය දේශනය අතරතුරදී, ඒකකයේ රාජකාරි කරන නිලධාරීන් සහ සෙසුනිලයින් තුළ සහෝදරත්වය සහ වෘත්තීය අවංකභාවය වැනි ගුණාංග ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන්, මානුෂිය මෙහෙයුම්වලදී 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් ලබාදුන් ධෛර්යය සහ කැපවීම එතුමන් සිය දේශන අතරතුරදී අගය කළේය. එමෙන්ම, රට වෙනුවෙන් දිවිපිදු 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එතුමන් පුෂ්පෝපහාර පුද කරන ලැබීය.

මේ අතර,  මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එදිනම (25) 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරය කළ අතර කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය ආරක්‍ෂක උපදෙස් පිළිපදිමින් සිදුකළ මෙම සංචාරයේදී එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සිය දේශනය අතරතුරදී, රෙජිමේන්තුවේ ගෞරවය ඉහළ මට්ටමක පවත්වාගැනිම සඳහා සොල්දාදුවන් විසින් ඇති කළ ගුණාංග සහ වැඩිදියුණු කළ යුතු ගුණාංග සහ ඔවුන්ගේ පෞද්ගලික වෘත්තියේ විශිෂ්ටත්වය ළඟා කරගැනීම සඳහා වර්ධනය කළ යුතු ගුණාංග පිළිබඳ වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සිදුකළ සංචාරය අතරතුර, එම ප්‍රදේශයේ වැඩවාසී භික්‍ෂුන් වහන්සේ දෙනමක් ද බැහැදැක ආශිර්වාද ලබාගත්හ. Sportswear Design | Sneakers