Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 23:55:56 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සති අන්තයේ සිංහපුර සහ වැලිඔය ප්‍රදේශයේ සංචාරයක නිරතවෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාවට අයත් ඉඩම්හි ධාන්‍ය වර්ග, එළවළු සහ පළතුරු වගාකිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා ගජසිංහපුර පිහිටි 62 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය. එහිදී, යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සිංහපුර යුද්ධ හමුදා ගොවිපලේ ඉකුත් ඉරිදා (24) දින සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් දේශීය වී ප්‍රභේද, ඖෂධ පැළෑටි, අතරමැදි බෝග, පළතුරු, ධාන්‍ය වර්ග, හරිත වර්ග සහ කව්පි යනාදිය වගාකිරීම පිළිබඳව ද දැනුවත් විය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිංහපුර යුද්ධ හමුදා ගොවිපොළේ සිදුකළ සංචාරය අතරතුරදී, ප්‍රදේශය හරහා ගලා බසින රටේ පස්වන දිගම ගංගාව වන යාන් ඔයට යාබදව ඇති ප්‍රදේශවල ගොවිතැන් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළ අතර යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ හසල අත්දැකීම් ඇති ගොවින් සහ පළාත් කෘෂිකාර්මික හා වාරිමාර්ග උපදේශකවරුන්ගේ සහයෝගය ලබාගැනීමට ද කටයුතු කළේය. මෙහිදි ඔවුන් සමඟ සුහදව සාකච්ඡා කළ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රදේශයේ ගොවි ප්‍රජාවන්ගේ ප්‍රයෝජනය සඳහා නවීන තාක්‍ෂණයන් පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමේ හැකියාව සහ නවීන කෘෂිකාර්මික විශේෂඥ දැනුම ඔවුන්ට ලබාදීමට යුද්ධ හමුදාව සහයෝගය දක්වන ආකාරය පිළිබඳව ද මෙහිදි සොයාබැලිය.

අක්කර 735 ක් පමණ වූ මෙම නිසරු භූමිය 1980 දශකයේ දී කෘෂිකාර්මික කටයුතු සඳහා යුද්ධ හමුදාව වෙත ලබාදුන් අතර පස සාරවත් බවට හැරවීමෙන් පසු භටපිරිස් ගොවිපල පවත්වාගෙන යනු ලැබීය. හැකි සෑම තැනකම වැඩි වැඩියෙන් ආහාර වර්ග වගාකිරීම වේගවත් කිරීමේ ජාතික අවශ්‍යතාවය හමුවේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දෙසැම්බර් මස මුලදී හඳුන්වා දෙන ලදී. සිංහපුර ගොවිපල යනු යුද්ධ හමුදාව සතු ප්‍රධාන ගොවිපලවල් අතරින් එකකි.

මෙම අවස්ථාවට 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන්, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මහින්ද රාජපක්‍ෂ ඇතුළු කෘෂිකාර්මික උපදේශකයින් සහ දිගු කාලීනව කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු හසල අත්දැකීම් ඇති ගොවියන් පිරිසක් ද සහභාගි වූහ. affiliate tracking url | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp