Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2020 19:56:31 Hours

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සෞඛ්‍ය ආරක්‍ෂණ ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා නැගෙනහිර ප්‍රදේශයේ කඳවුරු පිරික්සුමක

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මැයි මස 25 සහ 26 දිනයන්හි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහ 23 හා 24 වන සේනාංක මුලස්ථානයන්හි මෙන්ම ඒ යටතේ ස්ථාපිත බලසේනා මුලස්ථානයන්හි සංචාරය කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්‍ෂණ ගැටළු පිළිබඳව සොයාබැලීය.

මෙහි සපැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් (Marshal of the Air Force) රොෂාන් ගුණතිලක ඇතුළු නියෝජිත පිරිස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන කෘෂිකර්ම, මහවැලි, ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා, 24 වන සේනාංක මූලස්ථානය, 231 බලසේනා මූලස්ථානය සහ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන 4 වන ගැමුණු හේවා බළඇණියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය පරීක්ෂා කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් (Marshal of the Air Force) රෝෂාන් ගුණතිලක ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් සාමාජිකයෙකු සමඟින් එක්ව 22 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත කඳවුරු කිහිපයක් පරීක්‍ෂා කළහ. මේ අතර, අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා සහ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් 23 වන සේනාංක මුලස්ථානය සහ වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය පරික්‍ෂා කළේය.

මෙම සංචාරය අවසානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සියලුම සාමාජිකයින් විසින් කරන ලද සොයා බැලිම් සහ පරික්‍ෂාවන් පිළිබඳව සාකච්ඡා කරන ලදී. jordan release date | Footwear