Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2020 23:40:23 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායකගේ සමුගැනීමේ උත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස සේවය කර යුද්ධ හමුදා දිවියෙන් නික්මගිය මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායකගේ සමුගැනීමේ උත්සවය ඉකුත් සිකුරාදා (15) වන දින අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය පාමුල මල් කළඹක් තබා රටදැය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම සඳහා ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයකට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක භටපිරිස් සමග සිය අතීත මතකයන් ආවර්ජනය කරමින් සුහද පිළිසඳරක නිරත විය.

මේජර් ජෙනරාල් මුදන්නනායක සහ ශ්‍රී ලකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රියමාලි මුදන්නායක මහත්මිය වෙනුවෙන් පැවති විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සමඟින් සමුගැනීමේ උත්සව කටයුතු අවසන් විය. රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවති මෙම විශේෂ දිවා භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ ඔවුන්ගේ භාර් යාවන් එක්ව සිටියහ. trace affiliate link | Sneakers Nike Shoes