Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2020 18:24:20 Hours

කොවිඩ්-19 වෛරසය පි‍ළිබඳව කිලිනොච්චි භටපිරිස් දැනුවත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම‘ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (13) දින පැවැත්විණි.

සෞඛ්‍ය උපදෙස් සහ සමාජ දුරස්ථභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සහභාගිවූවන් අසුන්ගෙන දේශනයට සවන්දුන්හ. මෙම දේශනය කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන උපදේශක ශ්වසන වෛද්‍ය ඒ.එම්.ජි.ඒ. ආර්. බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබීය. මෙම දේශනය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී. Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News