Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2020 18:29:52 Hours

532 බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

වේලන්කුලම් ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකය යටතේ ඇති 532 වන බලසේනාවේ 11 වන බලසේනාධිපති ලෙස කර්නල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.

නව බලසේනාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහ එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ. url clone | Asics Onitsuka Tiger