Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2020 08:01:01 Hours

නව වෛද‍්‍ය සේවා අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 13 වන අධ්‍යක්‍ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් (වෛද්‍ය) නිශාන්ත පතිරණ අද (13) දින පෙරවරුවේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.

නව වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට තබමින් සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස එම ධුරයේ රාජකාරී කරනු ලැබු බ්‍රිගේඩියර් නිශාන්ත ප්‍රනාන්දුගෙන් පසු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී එම තනතුරට පත් කරන ලදී.

එතුමන්ගේ නව ධුරයේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සව අවස්ථාව සඳහා ව‍ෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. spy offers | Nike SB