Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2020 21:53:26 Hours

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයෑමට නියමිත තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් එක්කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත පාබල අධ්‍යක‍්ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ සේවය අගයනු වස් ඉකුත් අගහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ඇරයුම් කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන්, නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් එතුමන්ගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබපැතුම් එක් කළේය.

දශක තුනකට අධික කාලයක් පුරා යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක විසින් ලබාදුන් අපිරිමිත දායකත්වය පැසසුමට ලක් කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයෑමට නියමිත එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සමඟ සුහඳ පිළිසදරක නිරත විය. ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව තුළ මෙන්ම සිය යුද්ධ හමුදා දිවිය තුළ අණදීම් තනතුරු හා මාණ්ඩලික තනතුරු රැසක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී හොඹවා ඇත.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් එක් කළ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුද කළ අතර, මෙම සුහද හමුව අවසානයේ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරී වෙත සමරු තිළිණයක් පිරිනමනු ලැබීය. Running sport media | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf